banner-image
image_01 image_02

අප ගැන

Smallholder Agribusiness & Resilience Project

දේශගුණික විපර්යාස වර්තමානයේ ශ්‍රී ලංකාව ට ප්‍රධාන අභියෝගයක් වන අතර, අධික හා කෙටිකාලීන වර්ෂාවල විටින් විට පැමිණෙන උෂ්ණාධික කාලසීමාවන් සහ දීර්ඝ වියළි කාලසීමාවන් කෙරෙහි වැඩි ප්‍රවණතාවක් පවතී. තිරසාර නොවන ඉඩම් පරිහරණ පිළිවෙත් මගින් ඇති වී ඇති පාරිසරික හා ගොවිබිම්වල හායනය දේශගුණික විපර්යාසවල බලපෑම් මගින් ඇතිවන අධික වර්ෂාවල ගංවතුර සහ නියඟ හේතුවෙන් තව දුරටත් උග්‍ර කරයි.

එම තත්වය වියලි කලාපයේ ප්‍රධාන වාරිමාර්ග ක්‍රම යටතේ වගා කරන ගොවීන්ට වඩා ග්‍රාමීය සුළු වාරිමාර්ග ක්‍රම යටතේ වගා කරන සහ වර්ෂා පෝෂිත වගා ක්‍රම මත අධික ලෙස යැපෙන කුඩා පරිමාණ ගොවීන්ට දැඩි ලෙස බලපායි. තවද, ආන්තික දේශගුණික බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ඵලදායිතාව සහ බෝග අස්වැන්න පහත වැටීම නිසාල කුඩා පරිමාණ ගොවීන් ආහාර හිඟයකට මුහුණ දෙන අතර එම තත්වය අධික ණයගැතිභාවයට ද මග පාදයි. එය ඔවුන් දරිද්‍රතාවයේ ගැඹුරට ඇද දමනු ලබන අතර දේශගුණික අවදානම් සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඇති ඔවුන්ගේ හැකියාව තවදුරටත් අවම කරයි.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පුත්තලම, කුරුණෑගල, මාතලේ, අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම යන වියළි කලාපීය දිස්ත්‍රික්ක 06 ද එම දිස්ත්‍රික්ක අයත්වන මල්වතු ඔයල දැදුරු ඔය සහ මී ඔය යන ගංගාවල පෝෂක ප්‍රදේශවල පිහිටි එල්ලංගා පද්ධති පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වේ.

මෙමගින් ගොවිපළ වාණිජකරණය ප්‍රවර්ධනය කරන අතරම, කුඩා පරිමාණ ගොවි පවුල් 40,000ක් හෝ පුද්ගලයන් 180,000ක් සඳහා දේශගුණික විපර්යාස මගින් ඇති කරන ලද අභියෝගවලට තිරසර විසඳුම් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

ව්‍යාපෘතියේ ප්‍රධාන සංරචක වන්නේ දේශගුණික විපර්යාස සඳහා ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා සේවා සපයනු ලබන ආයතනවල හා ව්‍යාපෘති ප්‍රතිලාභීන්ගේ හැකියා සංවර්ධනය සහ තෝරාගත් යටිතල පහසුකම් අළුතින් ඉදිකිරීම හා වැඩිදියුණු කිරීම සඳහා ආයෝජනය කිරීමයි. කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD) ශ්‍රී ලංකා රජය මෙන්ම අනෙකුත් සංවර්ධන ආයතන විසින් අරමුදල් සපයනු ලබන මෙම ව්‍යාපෘතිය මගින් ඇමරිකානු ඩොලර් මිලියන 82ක් ආයෝජය කිරීමට සැලසුම් කර ඇති අතර ව්‍යාපෘති කාලසීමාව වසර 06 වේ.

දැක්ම

"Ensures food security and poverty alleviation for selected beneficiaries in the districts of Kurunegala, Puttalam, Anuradhapura, Mannar, Vavuniya, and Matale."

ව්‍යාපෘති මෙහෙවර

ව්‍යාපෘති ප්‍රදේශවල 40,000ක් වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාරිකයන්ගේ දේශගුණය සඳහා ඔරොත්තුදීමේ හැකියාව වර්ධනය කිරීම.

අරමුණු

ව්‍යාපෘති ප්‍රදේශයේ ග්‍රාමීය කුඩා වතු නිවාස 40,000ක ජනතාවගේ (පුද්ගලයින් 180,000) දේශගුණික විපර්යාස සඳහා ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය සහ වෙළඳපල සහභාගීත්වය ගොඩනැගීම .

Innovation

SmIt is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout ong established fact that a SmIt is a long established fact that a reader samp genarated

Excellence

Commitment