banner-image

ව්‍යවසායකත්ව සංවර්ධන සේවා

සාමාන්‍ය ගොවීන් ව්‍යවසායකයින් බවට පත්කිරීමේ අරමුණින් ඉලක්කගත ප්‍රජාවන් සඳහා SARP ව්‍යාපෘතිය මගින් ගොවි ව්‍යාපාර පාසල් පුහුණුව සංවිධානය කරයි. මීට අමතරව, මෙම ව්‍යාපෘතිය වෙළඳපල ප්‍රමුඛයන් සමඟ වාණිජ හවුල්කාරිත්වයන් වර්ධනය කිරීමට පහසුකම් සපයන අතර රේඛීය දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ සම්බන්ධතා ශක්තිමත් කරයි.

ගොවි ව්‍යාපාර පාසල් පුහුණුව සහ කෘෂිකාර්මික ව්‍යාප්ති කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීම තුළින් ව්‍යාපාර සංකල්ප හඳුනා ගැනේ. ව්‍යාපාර සැලසුම් සකස් කිරීම සඳහා ව්‍යවසායකයින්ට ව්‍යාපෘති සහාය ලබා දෙනු ඇත. තවද, අනුමත ව්‍යාපාර සැලසුම් ක්‍රියාවට නැංවීම සඳහා මූල්‍ය, තාක්ෂණික සහ සංවිධානාත්මක සේවාවන් ද ලබා දෙනු ඇත.