අනුරාධපුර දිස්ත්‍රික් පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ සහ අභිප්‍රේරණය කිරීමේ වැඩමුළුවක්

2024 ජනවාරි 11

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ හා බලගැන්වීමේ වැඩසටහනක් අනුරාධපුර ග්‍රෑන්ඩ් ලෙෂර් වර්ල්ඩ් විලේජ් ‍හෝටලයේදී පැවැත්විණ. මෙම වැඩමුළුව මොරටුව විශ්ව විද්‍යාලයේ රනිල් සුගතදාස මහතා මෙහෙයවන ලදී. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ මහාචාර්ය තක්සලා සේරසිංහ, ජයලාල් චන්ද්‍රසිරි, ලසන්ත ගුණරත්න යන විශේෂඥයන් සහභාගි වූහ.



කෘෂි ව්‍යාපාර පාසල් පිහිටුවීම, සමාජ ඒකාබද්ධතාව සහ කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදන වැඩිකර ගැනීම යන මාතෘකා සම්බන්ධයෙන් මෙහිදී සහභාගිවන්නන් දැනුවත් කළහ.