අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුම්මින්නෑගම සහ තල්ගහ වැව් වල මිරිදිය මත්ස්‍ය පැටවුන් සහ ඉස්සන් කීටයන් වගා කිරීමේ වැඩසටහන

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මත්ස්‍ය ඇගිල්ලන් වගා කිරීමේ වැඩසටහන අඛන්ඩව පවත්වාගෙන යමින්, මැදවච්චිය, දුම්මින්නේගම ග්‍රාම නිලධාරී වසමේ දුම්මින්නේගම වැව සහ ආතකඩ හිරලුගම ග්‍රාම නිලධාරී වසමේ තල්ගහ වැව ආශ්‍රිතව මත්ස්‍ය ඇඟිල්ලන් ගබඩා කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. ගොවි සංවිධාන, ධීවර කමිටු සහ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ සක්‍රීය සහභාගීත්වය මෙම වැඩසටහන සඳහා නොඅඩුව ලැබිණ.