banner-image

ස්වභාවික සම්පත් හා පරිසර සංරක්ෂණ සේවා

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය පාරිසරික සේවාවන් අගය කරන අතර වෙනස්වන දේශගුණික තත්ත්වයන්ට අනුව කෘෂිකාර්මික කටයුතු වල නිරත වීමේ හැකියාව වර්ධනය කරනු ලබයි. එසේම ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා තිරසාර කෘෂිකර්මාන්තය සඳහා ආයෝජනය කරයි. එල්ලංගා ජල සම්පත් සංවර්ධන ක්‍රියාමාර්ග මඟින් ග්‍රාමීය ප්‍රජාවට ප්‍රතිලාභ ලබා දෙන අතරම කෘෂිකාර්මික නිෂ්පාදනයේ දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීමට උත්සාහ කරයි. සහභාගීත්ව ස්වභාවික සම්පත් කළමනාකරණ සැලසුම් ක්‍රියාවලිය මඟින් පස, ජලය සහ ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා අවශ්‍ය මැදිහත්වීම්ද හඳුනා ගනී. ඉඩම් කළමනාකරණය සහ ගොවිතැන් ක්‍රම වැඩිදියුණු කිරීම පරිසරයට සිදුවන හානි අවම කිරීමට සහ ප්‍රතිවිපාක අඩු කිරීමට උපකාරී වේ. ඊට අමතරව දිළිඳුකම අඩු කිරීම, ජෛව විවිධත්වය වැඩි කිරීම, අස්වැන්න වැඩි කිරීම සහ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ ඉඩම් පරිහරණ පද්ධති කළමනාකරණය කිරීම මගින් දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා කටයුතු කරයි. එසේම තිරසාර කෘෂිකාර්මික නිෂ්පාදනය සහ හරිත අගය දාම සඳහා සාර්ථක ප්‍රවේශයන් ඉහළ නැංවීම සඳහාද ව්‍යාපෘතිය හවුල්කරුවන් සමඟ කටයුතු කරයි.