banner-image

සමාජ සහ ආයතනික සේවා

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යනු එක්සත් ජාතීන්ගේ සහශ්‍ර සංවර්ධන ඉලක්ක සමඟ සමානුපාත වන අංශ ගණනාවකින් සමන්විත කෘෂි ව්‍යාපාර වර්ධනය සහ ව්‍යාප්තිය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ව්‍යාපෘතියකි. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ මුල් අත්තිවාරම වන්නේ සමාජ ඒ්කාබද්ධතාවය ඇති කිරීම සහ ආයතනික සංවර්ධනයයි. මේ තුළින් සියළුම සමාජ කණ්ඩායම් ඇතුළත් වීම සහ සමාජීය විවිධත්වය තහවුරු වේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක හයේම ජීවත්වන සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ යන ආදී සියළුම ජාතීන් ද අපගේ ඉලක්ක කණ්ඩායම් වන අන්ත දුගී කණ්ඩායම්ල ආන්තික කණ්ඩායම්, විශේෂ අවශ්‍යතා ඇති කණ්ඩායම්, වැන්දඹු පවුල් සහ මන්ද පෝෂිත කණ්ඩායම් ඇතුළු සංවර්ධන විය යුතු සියළුම අංශ මෙයට ඇතුළත් වේ. එමෙන්ම ප්‍රජා සංවර්ධනය සංසදනය තුළින්ද ප්‍රාදේශීය සංවර්ධනය ක්‍රමවත්ල විධිමත් නම්‍ය වූ ක්‍රියාකාරී කෙටි හා දිගුකාලීන සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වේ. අවසාන වශයෙන් සමාජ ඒ්කාබද්ධතාවය හා ආයතනික සංවර්ධනය සඳහා වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ කැපවීම දිවයිනේ සියළුම ප්‍රජාවන් සඳහා සාධාරණ, සමානාත්මතාවය හා තිරසර සමාජයක් නිර්මාණය කිරීම සඳහා තීරනාත්මක පියවරක් සනිටුහන් කරයි.