කුරුණෑගල දිස්ත්‍රික් පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ සහ අභිප්‍රේරණය කිරීමේ වැඩමුළුව

2024 ජනවාරි 17

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ (SARP) කුරුණෑගල දිස්ත්‍රික් පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ සහ අභිප්‍රේරණය කිරීමේ වැඩමුළුවක් කුරුණෑගලදී පැවැත්විණ
මෙහිදී ව්‍යාපෘතිය කුරුණෑගල පළාතේ ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධ වන රාජ්‍ය හා පෞද්ගලික ආයතන පාර්ශවකරුවන් විශාල පිරිසක් වැඩමුළුව සඳහා සහභාගි වූහ. ප්‍රථමයෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂ ගයාන් මල්ලවතිස්ස මහතා ව්‍යාපෘතියේ කාර්යභාරය, අරමුණු සහ ප්‍රගතිය සම්බන්ධයෙන් පාර්ශවකරුවන් දැනුවත් කරන ලදී.
අනතුරුව මහාචාර්ය තක්සලා සේරසිංහ, ජයලාල් චන්ද්‍රසිරි, ලසන්ත ගුණරත්න යන මහත්ම මහත්මින්ද ව්‍යාපෘතියේ විවිධ ක්ෂේත්‍ර පිළිබඳව තම විශේෂඥ අදහස් පැමිණ සිටි පාර්ශවකරුවන් සමඟ හුවමාරු කරගත්හ. පාර්ශවකරුවන් අභිප්‍රේරණය කිරීම සඳහා වූ විශේෂ දේශනය මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය රනිල් සුගතදාස මහතා මෙහෙයවන ලදී.