කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික් වල ව්‍යාපෘතියේ ප්‍රගතිය පරීක්ෂා කිරීමේ නිරීක්ෂණ චාරිකාව

වයඹ පළා‌තේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයන් දෙවන දිනය වූ 2024 මාර්තු 27 වන දින ප්‍රථමයෙන් පොල්පිතිගම ‘සණස” බැංකුවේ නිලධාරින් සමඟ ගොවින්ට ලබාදෙනු ලබන ණය පහසුකම් සහ අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වූහ. ඉන් අනතුරුව ව්‍යාපෘතිය මගින් ගර්කින් වගාව සඳහා තෝරාගත් ප්‍රතිලාභින් සමඟ සාකච්ඡාවක් සඳහා එක්වී ඉන් අනතුරුව ව්‍යාපෘතිය මගින් පිහිටුවන ලද ප්‍රජා සංවර්ධන කමිටු සාමාජිකයන් සමග සාකච්ඡාවක් සඳහා එක්වූහ