අනුරාධපුර දිස්ත්‍රික්කයේ බෙල්ලන්කඩවල සහ කුඩා හල්මිල්ල වැව් වල මිරිදිය ජලාශවල මත්ස්‍ය ඇගිල්ලන් තැන්පත් කිරීමේ වැඩසටහන

අනුරාධපුර දිස්ත්‍රික්කයේ බෙල්ලන්කඩවල වැව (අලුත්ගම ග්‍රාම නිලධාරී වසම) සහ කුඩා හල්මිල්ල වැව (මහ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය) ආශ්‍රිත මිරිදිය ජලාශවල මත්ස්‍ය ඇගිල්ලන් තැන්පත් කිරීමේ වැඩසටහන NAQDA ආයතනයේ සහයෝගය ඇතිව 2024 මාර්තු 12 දින සිදු කරන ලදී. මෙම වැඩසටහන මගින් ගම්මානවල ධීවරයින්ට ආදායම් උපයා ගැනීමට අවස්ථාවක් සළසාදීම සහ ප්‍රාදේශීය ප්‍රජාවගේ ප්‍රෝටීන අවශ්‍යතා සපුරාලීමට උපකාර කිරීම අපේක්ෂා කරයි.