කෘෂි ව්‍යාපාර පාසල් වැඩසටහනේ පළමු වැඩසටහන

කෘෂී ව්‍යාපාර පාසල් වැඩසටහනේ පළමු වැඩසටහන ඉතා සාර්ථකව කුඩගලෙන්බිඳුනවැවේදි ජනවාරි 31 දින ආරම්භ කිරීමට කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියට හැකියාව ලැබිණි.

මෙම වැඩසටහන මඟින් වෙළඳපල ඉලක්ක කරගත් කෘෂි නිෂ්පාදන සඳහා ගොවීන් උනන්දු කරවන අතරම ව්‍යවසායකයින් වශයෙන් සාර්ථක වන්නේ කෙසේද යන්න පිළිබඳව ගොවි මහත්ම මහත්මින් දැනුවත් කිරීම සිදු කරනු ලබයි.