මිරිදිය මත්ස්‍යයන් හා ඉස්සන් වගාව කුඩා පරිමාණ වැව් ආශ්‍රිිතව ප්‍රචලිත කිරීමේ වැඩසටහන

SARP ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කරන මිරිදිය මත්ස්‍යයන් හා ඉස්සන් වගාව කුඩා පරිමාණ වැව් ආශ්‍රිිතව ප්‍රචලිත කිරීමේ වැඩසටහන 2024 ජනවාරි 23 දින පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, වතුපොල ග්‍රාම නිලධාරී වසම තුළ, සේරුකැලේ ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් වතුපොල වැවේදී ආරම්භ විය.

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය(SARP) සඳහා මූල්‍යාධාර සපයන කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ (IFAD ) ශ්‍රී ලංකා හා මාලදිවයින් තානාපති ශෙරිනා තබසම් මහත්මියගේ සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ ගයාන් මල්ලවතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කරන ලදී. පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමා සහ පල්ලම ප්‍රාදේශිය ලේකම්තුමිය, ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්තුමා සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය ‌දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙම අවස්ථාව සදහා සහභාගි වූහ. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර, මාතලේ, මන්නාරම, වව්නියාව දිස්ත්‍රික් වලට අයත් තෝරාගත් කුඩා පරිමාණ වැව් 72ක මිරිදිය මත්ස්‍යයන් හා ඉස්සන් වගාව ප්‍රචලිත කිරීමට මෙම වැඩසටහන මඟින් අපේක්ෂිතය. මිරිදිය ධීවර ක්‍රියාකාරකම්වල තිරසාර බව පවත්වා ගැනීම මෙම වැඩසටහනේ අරමුණ වේ. මෙම ව්‍යාපෘතිය සඳහා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලෙන් (IFAD ) මූල්‍යාධාර සපයන අතර ජාතික ජලජීවි වගා අධිකාරියේ (NAQDA) සහයෝගය හා අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.