අනුරාධපුර දිස්ත්‍රික්කයේ එල්ලංගා පද්ධති කළමනාකරණය හරහා ආහාර සුරක්ෂිතතාව සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා තිරසාර ප්‍රවේශයන්

2024 ජූනි 12 වන දින, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ළිඳ වැව, දුම්මින්නැගම, සහ කරදන්කුලම යන ස්ථානවල එල්ලංගා පද්ධති කළමනාකරණ කමිටු පිහිටුවීම සහ පුහුණු කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සදහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) ආහාර සුරක්‍ෂිතතාව සහතික කිරීම සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා එල්ලංගා පද්ධති කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරන තිරසාර ප්‍රවේශයන් සඳහා නායකත්වය දෙයි. මෙම මුලපිරීම සඳහා සහාය වීම සඳහා රජයේ පාර්ශවකරුවන් සහ ගොවි සංවිධාන සම්බන්ධ කර ගනිමින් කළමනාකරණ සැලැස්මක් දැනට ක්‍රියාත්මක වේ.