පහළ බක්මීවැව මහ වැවේ පුනරුත්ථාපන කටයුතු ආරම්භ කිරීම

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මඟින් පුනරුත්ථාපනය කරනු ලබන වැවක් වන පහළ බක්මීවැව මහ වැවේ පුනරුත්ථාපන කටයුතු 2024 ජනවාරි 20 වන සෙනසුරාදා දින කෘෂිකර්පම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පහල බක්මීවැව මහවැවේදී ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය කෘෂිකාර්මික සංවර්ධනය සදහා වන ජාත්‍යන්තර අරමුදලේ (IFAD) මූල්‍යාධාර යටත් ක්‍රියාත්මක වන කෘෂිකාර්මික ව්‍යාපෘතියකි. වැවේ පුනරුත්ථාපන කටයුතු සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් 10,857,350කි.